ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තා පිරු

කිසි [1]යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙනෙන පරිදි උකහා දැක්වීම සඳහා සිංහල සම්ප්‍රධායේ යම් යම් යෙදුම් යොදා ගනී. මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්ථාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයාද මේ ප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු ලිවීමේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිතා කළ හැකිය.

උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.

ප්‍රස්තාව පිරුළතේරුම
අකලට හටගත් ගෙඩියහදිසියේ ඇති වූ ලාභයම
අඟින් කිරි දෙවීමනිෂ්ඵල වැඩක කිරීම
අත්තික්කා ගහේ මල් පිපීමඉතා පුදුම දෙයක් සිදු වීම

ඈත අතිතයේ සිට ම සිද්ධියක් හෝ අවස්ථාවක් අරබයා ගොඩ නැගී ඇති නියමයන් ප්‍රස්තාව පිරුළු වශයෙන් ගැනේ. මේවා භාෂිත මෙන්ම ලේඛණ ව්‍යහාරයේ දී ත් යොදා ගැනෙන්නේ පවසන අදහස රසවත් හා අර්ථවත් කිරීමට ය. එම ප්‍රස්තාව පිරුළු ද පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.

1. ඥාතීත්වය හැඟවෙන ප්‍රස්තාව පිරුළු

  • හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ (තොරතුරු වසන් කරන අයෙකුගේන් එම තොරතුරු ඇසීම)
  • උණහපුලුවාට උගේ දරුවා මැණිකක්ලු (තමාගේ දෙය කොතරම් නොවටිනා වුනත් තමාට වටිනා බව)
  • එපා වාහෙට හොදි බෙදන්නා වගේ (අකමැත්ත ප්‍රකාශ කිරීම)
  • නැන්දම්මාගේ ආදරේ වගේ (දිනෙන් දින හීනවන ආදරය)

2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍

  • අපි කන හැටි ලිපා දනී (අග හිඟකම් වැඩි බව)
  • අටුව කඩා පුටුව හැදුවා වෙගේ (වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම)
  • අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ (අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම)
  • නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ (නුසදුස්සෙකුට කාර්යයන් පැවරීම)
  • කබලෙන් ලිපට වැටුණා වගේ (කරදරය පිට කරදර එලඹීම)
  1. උඩ පැන්නොත් බිම වැටේ
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ප්‍රස්තාව_පිරුළු&oldid=668126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකුමාරතුංග මුනිදාසසාර ධර්මදුටුගැමුණු රජඑස්‌. මහින්ද හිමිජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවසීගිරියවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයවැදි ජනයානායකත්‍වයරුවන්වැලිසෑයවොලිබෝල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසෞරග්‍රහ මණ්ඩලයධර්ම සංගායනාඅනගාරික ධර්මපාලමාර්ටින් වික්‍රමසිංහපොසොන් පසළොස්වක පෝයලිංගික සංසර්ගයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිංහල අක්ෂර මාලාවචතුරාර්ය සත්‍යයආදිවාසීන්නව අරහාදී බුදුගුණපරිසර දූෂණයඇම්බැක්කේ දේවාලයදේශපාලන විද්‍යාවේ ස්වභාවය.ධම්මපදයසාහිත්‍යයජලයපොසොන් උත්සවයපොසිලශ්‍රී දළදා මාළිගාව