සැප්ලින් ගුවන් නැව

සැප්ලින් ගුවන් නැවක් යනු, 20 වන සියවස මුල් භාගයේදී දෘඩ ගුවන් නැව් ප්‍රවර්ධනය පිළිබඳ පුරෝගාමී වූ ජර්මානු සිටුවරයෙක් වූ ෆර්ඩිනැන්ඩ් වොන් සැප්ලින් අනුව යමින් නම් කෙරුණු දෘඩ ගුවන් නැව් වර්ගයකි. සැප්ලින්ගේ අදහස් මුලින්ම ක්‍රමවත්ව එළිදැක්වුනේ 1874දී වන අතර[1] සවිස්තර ප්‍රවර්ධනය සිදුවූයේ 1893 වසරෙහිදීය.[2] ජර්මනිය තුල ස්වාධිකාර (පේටන්ට්) බලපත්‍ර 1895දී නිකුත් කෙරුණු අතර එක්සත් ජනපදය තුල 1895 දී නිකුත් කෙරිණි.[3] සැප්ලින් සැලසුමෙහි කැපී පෙනෙන සඵලත්වයෙන් පසුව, දෘඩ ගුවන් නැව් හැඳින්වීමට පොදු වචනයක් ලෙසින් සැප්ලින් යන පදය භාවිතා වීම ඇරඹිණි.වාණිජ වශයෙන් සැප්ලින් ගුවන්ගත කෙරුම 1910දී පළමුව සිදු කළේ ඩොයිච ලුෆ්ට්ෂිෆාර්ට්ස්-අගීව් (DELAG) සමාගම විසින් වන අතර, එය ලොව පළමු ආදායම් ලැබූ ගුවන්ගමන් සමාගම විය. 1914-මැද භාගය වන විට, DELAG විසින් ගුවන්ගමන් 1,500 තුල ගාස්තු-ගෙවූ මගීන් 10,000 අධික සංඛ්‍යාවක් රැගෙන ගොස් තිබුණි. පළමු ලෝක යුද්ධය තුලදී ජර්මානු හමුදාව විසින් බෝම්බ හෙලීමේ සහ ඔත්තු බැලීමේ ගුවන් නැව් ලෙසින් පුළුල් භාවිතයක සැප්ලින් යෙදවූ අතර, බ්‍රිතාන්‍යය වෙත සිදු කල ගුවන් ප්‍රහාර තුලදී 500 අධික ජනයා මරණයට පක් විය.[4]

සැප්ලින් සමාගම විසින් තැනුනු එජ නාවුක හමුදා ගුවන් නැවක්වූ යූඑස්එස් ලොස් ඇන්ජලීස්
  1. එකනර් 1938, pp. 155–157.
  2. ඩූලි 2004, p. A.187.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;Doo190 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. කෝල් සහ චීස්මන් 1984, p. 449.
🔥 Top keywords: විශේෂ:ගවේෂණයගණිකාවමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්මුදල් අමාත්‍ය (ශ්‍රී ලංකාව)පියවරුන්ගේ දිනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමුදල්විකිපීඩියා:Contact usපොසොන් පසළොස්වක පෝයසීගිරියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමරුවන්වැලිසෑයහජ්ලංකා බැංකුවශ්‍රී දළදා මාළිගාවමහින්දාගමනයශ්‍රී ලංකාවදෙවන ලෝක යුද්ධයසංස්කෘතියදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයපොසොන් උත්සවයසාර ධර්මලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකා පොලිස් සේවයමාර්ටින් වික්‍රමසිංහඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයධර්ම සංගායනාජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී පාදස්ථානයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදුම්බර කඳුවැටියආර්ය අෂ්ඨාංගික මාර්ගයසිංහල ජනකවි