විද්‍යුත් සම්බාධනය

විද්‍යුත් සම්බාධනය යනු, පරිපථයක් වෙත වෝලටීයතාවක් යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, ප්‍රත්‍යාවර්තක ධාරා (ප්‍රධා) පරිපථයක, වෝලයීයතාව සහ ධාරාව අතර සංකීර්ණ අනුපාතය ලෙසින් එය සැලකිය හැකිය. ප්‍රතිරෝධ සංකල්පය ප්‍රධා පරිපථ වෙත විස්තීර්ණය කිරීම සම්බාධනය විසින් සිදුකෙරෙන අතර, විශාලත්වයක් පමණක් සහිත ප්‍රතිරෝධය මෙන් නොව, එය සතුව විශාලත්වයක් සහ කලාවක් යන දෙකම පවතියි. පරිපථයක් වෙත සරල ධාරා (සධා) ප්‍රභවයක් යෙදූ කල , සම්බාධනය සහ ප්‍රතිරෝධය අතර වෙනසක් නොපවතියි; ශුන්‍ය කලා කෝණයක් සහිත සම්බාධනය ලෙසින් ප්‍රතිරෝධය සැලකිය හැකියි.

සංකීර්ණ සම්බාධන තලයෙහි ග්‍රාපිකරූපි නිරූපණයක්

ප්‍රධා පරිපථ වලදී සම්බාධන සංකල්පය හඳුන්වා දීම අවශ්‍ය වන්නේ, සධා පරිපථ වල සාමාන්‍ය ප්‍රතිරෝධයට පරිබාහිර ධාරාව ගැලීමට බාධා පමුණවන වෙනත් යාන්ත්‍රණ ප්‍රධා පරිපථවලදී ක්‍රියාත්මක වන බැවිනි. ප්‍රධා පරිපථ වලදී සැලකිල්ලට ගත යුතු අමතර බාධක යාන්ත්‍රණ දෙකක් පවතියි: ධාරාවන්හී චුම්බක ක්ෂේත්‍ර නිසා සන්නායක වල ස්වයං-ප්‍රේරණය වන වෝල්ටීයතා ප්‍රේරණය (ප්‍රේරණතාව) සහ , සන්නායක අතර වෝලටීයතාව නිසා ප්‍රේරණය වන ස්ථිතිවිද්‍යුත් ආරෝපණ ගබඩා වීම (ධාරණාව). මෙම ආචරණ දෙක නිසා සිදුවන සම්බාධනය සාමුහික වශයෙන් හැඳින්වෙන්නේ ප්‍රතිබාධකය ලෙසින් වන අතර, එය සංකීර්ණ සම්බාධනයෙහි අතාත්වික කොටස තනමින් ප්‍රතිරෝධයට තාත්වික කොටස තැනීමට ඉඩ හරියි.

සම්බාධනය සඳහා සංකේතය සාමාන්‍යයෙන් වන අතර, එහි විශාලත්වය සහ කලාව යන ආකාරයට ලිවීමෙන් එය නිරූපණය කල හැක. කෙසේවෙතත්, පරිපථ විශ්ලේෂණ කාර්යාවලිය සඳහා, සංකීර්ණ සංඛ්‍යා නිරූපණය බොහෝවිට බලවත් වෙයි. සම්බාධනය යන පදය මුලින්ම භාවිතයට ගැනුනේ ඔලිවර් හෙවිසයිඩ් විසින් 1886 ජූලි මසහිදීය. [1] [2] සම්බාධනය 1893දී සංකීර්ණ සංඛ්‍යාවන් තුලින් නිරූපණය කල පළමුවැන්නා වූයේ ආතර් කෙනලි වෙයි. [3]

සම්බාධනය අර්ථදැක්වෙන්නේ සංඛ්‍යාත වසමෙහිදී වෝල්ටීයතාව සහ ධාරාව අතර අනුපාතය ලෙසිනි.[4] වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි සංකීර්ණ ඝාතයක් සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි සංකීර්ණ ඝාතයක් සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. පොදු වශයෙන් ගත් තල, සම්බාධනය සංකීර්ණ සංඛ්‍යාවක් වන අතර, ප්‍රතිරෝධයට සමාන ඒකක සහිත වෙමින්, එය සඳහා SI ඒකකය ලෙසින් ඕම් (Ω) භාවිතා කරයි.


ආශ්‍රිත සංස්කරණය

  1. සයන්ස්, පි. 18, 1888
  2. ඔලිවර් හෙවිසයිඩ්, දි ඉලෙක්ට්‍රීෂියන්, පි. 212, 23 ජූලි 1886, ඉලෙක්ට්‍රිකල් පේපර්ස් ලෙසින් යළිමුද්‍රිත, පි 64, ඒඑම්එස් බුක්ස්ටෝර්, ISBN 0-8218-3465-7
  3. කෙනලි, ආතර්. ඉම්පිඩන්ස් (AIEE, 1893)
  4. ඇලෙක්සැන්ඩර්, චාල්ස්; සදිකු, මැතිව් (2006). ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඉලෙක්ට්‍රික් සර්කිට්ස් (3, revised ed.). මැක්ග්‍රෝ-හිල්. pp. 387–389. ISBN 978-0-07-330115-0{{cite book}}: CS1 maint: postscript (link)
🔥 Top keywords: ඇම්බැක්කේ දේවාලයවිශේෂ:ගවේෂණයමුල් පිටුවඇම්බැක්කේ ලී කැටයම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usඑස්‌. මහින්ද හිමිශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයලිංගික සංසර්ගයසාර ධර්මසීගිරියශ්‍රී ලංකා පොලිස් සේවයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජඅධ්‍යාපනයකුමාරතුංග මුනිදාසදළදා වහන්සේමාර්ටින් වික්‍රමසිංහපොසොන් උත්සවයඅනගාරික ධර්මපාලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිපරිසර දූෂණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහල භාෂාවස්වයං වින්දනයජැක්සන් ඇන්තනීසිංහල අක්ෂර මාලාවනව අරහාදී බුදුගුණපටිච්චසමුප්පාදයකාර්මික විප්ලවයධර්ම සංගායනාමුඛ සංසර්ගය