වෘක්කාණු

(බෝමන් ප්‍රාවරය වෙතින් යළි-යොමු කරන ලදි)

වකුගඩුවක තැනුම් ඒකක වෘක්කාණු වේ. වෘක්කයේ බාහිකයට ආසන්නව බාහික වෘක්කාණුත්, මජ්ජාවට ආසන්නව ජක්ස්ට මජ්ජා වෘක්කාණුත් දක්නට ලැබේ. ජක්ස්ට මජ්ජා වෘක්කාණුවල හේන්ලේ පුඩු සාපේක්‍ෂව දිගින් වැඩි ය.

වෘක්කාණුවක සරලකල රූපසටහනක්
තොරතුරු
ලතින්Nephroneum (නෙෆ්‍රෝනියම්)
පූර්වජMetanephric blastema (intermediate mesoderm)
පද්ධතියබහිස්‍රාවී පද්ධතිය
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1221
MeSHNephrons
FMA17640
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යුහය සංස්කරණය

වෘක්කාණුව කුහරමය වේ. එක් කෙළවරක් ආවෘත වේ. ඒ බෝමන් ප්‍රාවරය යි. ඊට සබැඳිව පිළිවෙලින්; අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව, හෙන්ලේ පුඩුවේ පාදස්ථය, හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව හා විදුර සංවලිත නාලිකාව පවතී. ගුච්ඡිකාව හා බෝමන් ප්‍රාවරය යන දෙකොටස එක්ව ගත් කල එක මැල්පිගීය දේහාණුව නමි.

ගුච්ඡිකාව සංස්කරණය

අභිවාහී හා අපවාහී ධමනිකා එක්ව සෑදී ඇත. පූර්වය සාපේක්‍ෂව සිහින් බැවින් රුධිර පීඩනය වැඩිකොට කාර්යක්‍ෂම කොට ඇත.මෙය තුල රුධිර පීඩනය වැඩි නිසා ගුච්චිකාවෙන් රුධිරය පෙරේ.රුධිර සෙෙල හා ප්ලාස්ම ප්‍රෝටීන ගුච්චිකාවෙන් පෙරී නොයයි.පෙරී යන්නේ ප්ලාස්ම ප්‍රෝටීන වලින් තොර රුධිර ප්ලාස්මාවයි.මෙම තරලය ගුච්චිකා පෙරණය(Glomerular filter) නම් වේ.

බෝමන් ප්‍රාවරය සංස්කරණය

ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත. කෝප්පාකර ය. අවතලනයවූ පැත්තේ පොඩොසයිට බවට විකරණිත ශල්කමය සෛල ඇත.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ හෝමාගම කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුවජලගැල්මඅධ්‍යාපනයවිකිපීඩියා:Contact usසිරස රූපවාහිනීයසෞරග්‍රහ මණ්ඩලයදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවසීගිරියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසිංහල අක්ෂර මාලාවසාර ධර්මලිංගික සංසර්ගයඑස්‌. මහින්ද හිමිස්ටීවන් හෝකිංවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවගම්පහ පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවපරිසර දූෂණයරුවන්වැලිසෑයකුමාරතුංග මුනිදාසජලයශ්‍රී පාදස්ථානයමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ ආදි වාසීන්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසිංහල අලුත් අවුරුද්දදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකා ජාතික කොඩියධර්ම සංගායනා