චෙස් ක්‍රීඩාවෙහි ඉතිහාසය

චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 1500 කට වඩා වැඩි කාලසීමාවකට පැතිරෙයි. ක්‍රීඩාවෙහි ආදිතම පූර්වජයා, ක්‍රිව 6වන සියවසට පෙර ඉන්දියාවෙහි ජනිතවූ බවට විශ්වාස කෙරෙයි; ඉතිහාසඥයින්ගෙන් සුළුතරයක් විශ්වාස කරන්නේ, මෙම ක්‍රීඩාව චීනයෙහි බිහිවූ බවයි. ඉන්දියාවෙහි සිට, මෙම ක්‍රීඩාව පර්සියාවට පැතිරිණි. විසින් පර්සියාව යටත්කරගැනීමෙන් පසුව, මුස්ලිම් ලෝකය පුරාද, ඉන්ක්බිතිව දකුණු යුරෝපය වෙතද, චෙස් ක්‍රීඩාව පැතිරිණි. යුරෝපයේදී පරිණාමයට බඳුන්වූ චෙස් ක්‍රීඩාව, 15වන සියවසෙහිදී, එහි වර්තමාන ස්වරූපයට පත් විය.

1880 ගණන් වන තුරු ප්‍රමුඛතම චෙස් ක්‍රීඩා කිරීමේ ශෛලීය වූයේ "චෙස් පිළිබඳ රොමැන්ටික් යුගය" විය. නොහික්මුණු ප්‍රහාර, දක්ෂ සංයෝජන, නොඉවසුම් ඉත්තන් පරිත්‍යාගය සහ වේගවත් ක්‍රීඩාවන් යන් දේ මෙහි ගුණාංග වෙති. ජයග්‍රහණයට වඩා විලාසිතාවක් සහිතව ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛත්වය ලැබිණි. තාක්ෂණික විශාරදත්වය හෝ දීර්ඝ-කාලීන සැලසුමට වඩා, කලාත්මක භාව ප්‍රකාශය පිළිබඳව මෙම ක්‍රීඩාවන් විසින් අවධානය යොමු කෙරිණි. ක්‍රීඩාවෙහි රොමැන්ටික් යුගයට පසුව, විද්‍යාත්මක, අතිනූතන සහ, නව ප්‍රවේගිකත්ව යුග පැමිණිනි.

සම්භවය

සංස්කරණය
abcdefgh
8 8
7 7
6 6
5 5
4 4
3 3
2 2
1 1
abcdefgh
චතුරංග ආරම්භක අවස්ථාව.[1] රජුන් එකිනෙක මුහුණලා නොසිටිති; සුදු පැහැ රජු අරඹන්නේ e1 කොටුවෙන් වන අතර කළු පැහැ රජු d8 කොටුවෙන් අරඹයි.

චෙස් ක්‍රීඩාවෙහි පූර්වගයෝ, ගුප්ත අධිරාජ්‍යය සමයයෙහි ඉන්දියාවෙහි ජනිත වූහ.[2] එහිදී, 6වන සියවසෙහිදී පැවති එහි මුල් ආකෘතිය, හැඳින්වුනේ චතුරංග යනුවෙන් වන අතර, එහි අර්ථය වූයේ, " (හමුදාවේ) අංග සතර": පාබළ සේනාව, අශ්වාරෝහක බලඇණිය, හස්ති සේනාව, සහ යුධ රථ බලඇණිය වෙයි. එකල මෙම බලඇණි නිරූපණය කල ඉත්තන්, නූතන මාදිළියෙහිදී පිළිවෙලින් පෝන්, නයිට්, බිෂොප් සහ, රූක් ලෙසට පරිණාමයවූහ. [3] ගර්හාඩ් ජොස්ට්න් සහ අයිසෙක් ලින්ඩර් යන චෙස් ඉතිහාසඥයින්ට පරිදී, චෙස් ක්‍රීඩාවෙහි "මුල් ආරම්භයන්", 50 ක්‍රිපූයු–200 ක්‍රියු පමණ කාලසීමාවහිදී, පුරාතන ඇෆ්ගනිස්තානයෙහි කුෂන් අධිරාජ්‍යය දක්වා අනුරේඛනය කල හැක.[4][5]

නව චෙස් ක්‍රීඩාව

වර්තමානය වන විට Garry Kasparov ලොව එතෙක් මෙතෙක් හොඳම චෙස් ක්‍රීඩකයා ලෙස හදුන්වයි. තවද Magnus Carlsen වර්තමාන chess grandmaster වේ.

  1. "ද හිස්ට්‍රි ඔෆ් චෙස්". චෙස්සෝන්. සම්ප්‍රවේශය 29 මාර්තු 2011.
  2. මරේ, එච්.ජේ.ආර්. (1913). අ හිස්ට්‍රි ඔෆ් චෙස්. බෙන්ජමින් ප්‍රෙස් (මුල් ප්‍රකාශයට පත් කිරීම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය වෙතින්). ISBN 0-936317-01-9. OCLC 13472872.
  3. මරේ, ඩේවිඩ්සන්, හූපර් හා වෙයිල්ඩ් සහ, කොලොම්බක් යන සැම දෙනම, බිෂොප් අනුරූප වන්නේ ඇතාට සහ රූක් අනුරූප වන්නේ යුධ රථයට වන, මෙම සාදෘශ්‍යය දැක්වීය. බර්ඩ් (පිටු 4, 46) විසින් බිෂොප් සහ රූක් හුවමාරු කර දැක්වීය.
  4. ජොස්ට්න්, ගර්හාඩ්. "චෙස්, අ ලිවිං ෆොසිල් (2001)" (PDF). Initiative Group Königstein (IGK). සම්ප්‍රවේශය 2012-05-08.
  5. අයිසෙක් ලින්ඩර්. "චෙස් ඉන් ඕල්ඩ් රෂියා (1979)". Michael Kühnle (Zürich). {{cite journal}}: Cite journal requires |journal= (help)
🔥 Top keywords: විශේෂ:ගවේෂණයගණිකාවමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්මුදල් අමාත්‍ය (ශ්‍රී ලංකාව)පියවරුන්ගේ දිනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමුදල්විකිපීඩියා:Contact usපොසොන් පසළොස්වක පෝයසීගිරියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමරුවන්වැලිසෑයහජ්ලංකා බැංකුවශ්‍රී දළදා මාළිගාවමහින්දාගමනයශ්‍රී ලංකාවදෙවන ලෝක යුද්ධයසංස්කෘතියදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයපොසොන් උත්සවයසාර ධර්මලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකා පොලිස් සේවයමාර්ටින් වික්‍රමසිංහඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයධර්ම සංගායනාජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී පාදස්ථානයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදුම්බර කඳුවැටියආර්ය අෂ්ඨාංගික මාර්ගයසිංහල ජනකවි