කල්කි කේක්ලන්

ඉන්දියාවේ උපන් ප්‍රංශ නිළිය සහ ලේඛිකාව

කල්කි කේක්ලන් (අසන්නi/ˈkʌlki kˈklæ̃/; උපත 1982 ජනවාරි 10) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රංශ-ඉන්දියානු නිළියක සහ ලේඛිකාවකි. හින්දී චිත්‍රපට ක්ෂේත්‍රයේ ගතානුගතිකත්වයෙන් තොර වූ රංගන දායකත්වය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ඇය, ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මානයක්, සහ ස්ක්‍රීන් සම්මාන ද්විත්වයක් ඇතුළු සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ. ප්‍රංශ පුරවැසියකු වුව ද, ඇය සිය ජීවිත කාලයෙන් වැඩි කලක් වාසය කොට තිබෙන්නේ ඉන්දියාවේ ය.

කල්කි කේක්ලන්
කේක්ලන් කැමරාව දෙසා බලා සිනහසෙන අයුරු
කේක්ලන් 2014 දී
උපත10 ජනවාරි 1984 (1984-01-10) (වයස 40)
පොණ්ඩිචෙරි, ඉන්දියාව
ජාතිකත්වයප්‍රංශ
උගත් ශාස්ත්‍රාලයලන්ඩන් විශ්වවිද්‍යාලය
රැකියාව
  • නිළිය
  • ලේඛිකාව
සක්‍රීය වසර2008–වර්තමානය
කලත්‍රයා(යන්)අනුරාග් කාශ්‍යප් (වි. 2011; දික්කසාදය 2015)
සහකරුවා(වන්)ගයි හර්ෂ්බර්ග්
දරුවන්1
ඥාතීන්බලන්න කේක්ලන් පවුල

ඉන්දියාවේ පොණ්ඩිචෙරියෙහි දී ප්‍රංශ මාපියන්ට දාව උපන් කේක්ලන්, කුඩා කල සිටම රංගනයට යොමුවූවා ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගොල්ල්ඩ්ස්මිත්ස් වෙතින් නාට්‍යකරණය හැදෑරූවා ය. ඉන්දියාවට නැවත පැමිණීමෙන් පසුව, ඇය සිය ප්‍රථම සිනමා නිර්මාණයට දායක වූයේ චන්දා ලෙසින් 2009 දේව්.ඩී චිත්‍රපටය හරහා ය. එහි රංගනය වෙනුවෙන් ඇයට හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. අනතුරුව ඇය, සින්දගී නා මිලේගී දෝබරා (2011) සහ යේ ජවානී හේ දීවානී (2013) නම් වූ සාර්ථක ප්‍රහසන චිත්‍රපට ද්විත්වයට දායක වූ අතර, ඒ අවස්ථා දෙකෙහි දී ම ඇය හොඳම සහාය නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය උදෙසා නිර්දේශ විය. කේක්ලන් තිර රචන ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2011 අපරාධ සංත්‍රාස චිත්‍රපටයක් වූ දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්ස් හරහා ය. එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කළේ ඇය විසිනි.

ඒක් ථී දායන් (2013) නම් අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටය සහ ගලී බෝයි (2019) වැනි වානිජමය චිත්‍රපටවලට තවදුරටත් සිය දායකත්වය ලබාදුන්නා ය. එසේම වේටිං (2015) සහ රිබන් (2017) වැනි ස්වාධීන චිත්‍රපටවල ඇය පෙන්වූ රංගන ප්‍රතිභාව වර්ණනාවට පාත්‍ර විය. මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ (2014) නම් යොවුන් චිත්‍රපටය තුළ මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන යුවතියකගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇයට ජාතික චිත්‍රපට සම්මානයක් ද හිමි විය.

චිත්‍රපට දායකත්වය සංස්කරණය

Key
මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ
චිත්‍රපටය
වර්ෂයතේමාවචරිතයසටහන්
2007Laaga Chunari Mein DaagUnknownCameo appearance[1]
2009දේව්.ඩීචන්ද්‍රමුඛීහොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2010The Film Emotional AtyacharSophie
2011That Girl in Yellow BootsRuth Edscer
2011ShaitanAmrita "Amy" Jayshankar
2011Zindagi Na Milegi DobaraNatashaNominated—Filmfare Award for Best Supporting Actress
2011My Friend PintoMaggie
2011තෘෂ්ණාඇය ලෙසමපසුබිම් නිරූපණය[2]
2012ShanghaiShalini Sahay
2013Ek Thi DaayanLisa Dutt
2013යේ ජවානී හේ දීවානීආදිති මේහ්රානිර්දේශිත—හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2014Happy EndingVishakha
2015මාර්ගරිටා විත් අ ස්ට්‍රෝලයිලාNational Film Award – Special Jury Award
2015WaitingTara Deshpande
2015Un plus uneHerselfCameo appearance[3]
2015KaashElsbethCameo appearance[4]
2016Freedom MattersHerselfDocumentary film
2016Living ShakespeareHerselfBBC Documentary film
2016A Death in the GunjMimi
2016MantraPiya Kapoor
2017NakedSandyShort film[5]
2017Jia Aur JiaJia
2017RibbonSahana Mehra
2017The Thought of YouAyeshaShort film
2017Azmaish: A Journey Through the SubcontinentHerselfDocumentary film[6]
2018The JobChristinaNominated—Filmfare Award for Best Short Film
2019ගලී බෝයිශ්වේතා/ස්කයි
2019CandyFlipEmily
2019නේර්කොණ්ඩ පාර්වෛඇය ලෙසමදෙමළැ චිත්‍රපට ප්‍රවේශය; පසුබිම් රංගනය
2020පාව කදෛගල්පිනොලොපිදෙමළ ඇන්තොලොජි චිත්‍රපට ප්‍රවේශය
Segment:Love Panna Uttranum[7]
2020Scholarship Emily JohnsonFilming
Television
YearTitleRoleNotes
2015Man's WorldCameo appearance
2016Kalki's Great EscapeHerself/ Host[8]8 episodes[9]
2016ShockersEpisode:"Home At Last"[10]
2018SmokeTaraMain cast; 11 episodes
2019Made in HeavenFaizaMain cast; 9 episodes
2019Sacred GamesBatyaMain cast; season 2
2019BhramAlisaWeb series by ZEE5

සම්මාන සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=කල්කි_කේක්ලන්&oldid=540862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවෙසක් උත්සවයවැදි ජනයාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාසෞරග්‍රහ මණ්ඩලයඅභිප්‍රේරණයවිකිපීඩියා:Contact usශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ ආදි වාසීන්අනගාරික ධර්මපාලශ්‍රී ලංකාවනායකත්‍වයආදිවාසීන්මහා මංගල සුත්‍රයදුටුගැමුණු රජඑස්‌. මහින්ද හිමිලිංගික සංසර්ගයරබින්ද්‍රනාත් තාගෝර්සාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසීගිරියසොළොස්මස්ථානරුවන්වැලිසෑයකෘත්‍රීම බුද්ධියශ්‍රී පාදස්ථානයමාර්ටින් වික්‍රමසිංහසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසිංහල අක්ෂර මාලාවසිංහල ජනකවිපරිසර දූෂණයපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා රුපියල