ශබ්දාර්ථ විද්‍යාව

ශබ්දාර්ථ විද්‍යාව යනු සන්නිවේදනයේ අර්ථය අධ්‍යයනය කිරිමයි. වාග් විද්‍යාවේදී එය කිසියම් විශේෂිත අවස්ථාවන්හිදි සහ සන්දර්භයන්හිදී නියෝජිතයින් හෝ ප්‍රජාවන් විසින් යොදා ගනු ලබන සංඥාවන්හි අර්ථ නිරූපණය අධ්‍යයනය කිරිමයි. වෙනත් විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක ඒ හා සම්බන්ධ අර්ථයක් ඇත.

ප්‍රකාශනයක තේරුම සංයුක්ත වන්නේ කුමකින් ද යන්න පිළිබඳව ශබ්දාර්ථ විද්‍යාඥයින් වෙනස් මත දරති. උදාහරණයක් ලෙස ‘ජෝන් බේගල් :ඉටැකවලට කැමතිය’’ යන වාක්‍යයෙහි බේගල් යන වචනය එහි වචනාර්ථය හෝ මුඛ්‍යාර්ථය නොව එම ද්‍රව්‍යය හැදින්වීමට යොදන වචනය විය හැකිය. නමුත් එයින් එය ‘ජෝන් ගේ බඩගින්න හඟවන්නේ කෙසේද වැනි ඉන් ඇතිවන ඇඟවිමක් ද විය හැකිය. උපමාලංකාර සම්බන්ධතාවයක් ද විය හැකිය. සාම්ප්‍රදායිකව විධිමත් ශබ්දාර්ථ විද්‍යා දෘෂ්ටි කෝණයට අනුව ශබ්දාර්ථ විද්‍යාව එහි වචනාර්ථ තේරුමට සීමා කරන අතර එහි සියලුම රූපාලංකාර සම්බන්ධතාවයන් ප්‍රායෝගිකවාදයට පවරයි. නමුත් මෙම වෙනස පවත්වාගැනීම වඩ වඩාත් දුෂ්කර වේ. යමෙක් විධිමත් ශබ්දාර්ථ විද්‍යාව, ලක්ෂණ වීමංසාව, යෝගිකතාව යනාදියෙන් ඥානාත්මක ශබ්දාර්ථ විද්‍යාව දෙසට ගමන් කිරිමේදී න්‍යායවාදියෙක් වචනාර්ථ සාලංකාර වෙනසට දායක වන ප්‍රමාණයෙහි අඩුවීමක් සිදු වේ.

ශබ්දාර්ථ විද්‍යාව යන වචනය එහි නුතන අර්ථයෙන් ප්‍රථමවරට දිස්වුයේ ‘මයිකල් බි‍ රියල්’ ගේ ක්‍රි.වර්ෂ 1897 ‘එසේ ඞී සෙමැන්ටික්’ නම් පොතෙහි ප්‍රංශ බසින් ‘සෙමැන්ටික් ප්බඑසුමැ යනුවෙනි. ජාත්‍යන්තර විද්‍යාත්මක ශබ්දාවලියෙහි ශබ්දාර්ථ විද්‍යාව. ශබ්දාර්ථ වේදය :ීැප්ිසදකදටහ_ යනුවෙන් ද හැඳින් වේ. ශබ්දාර්ථ විද්‍යා ශික්ෂාව ක්ෂිණ නොවන සාරාංශ අර්ථයන් දෙස බැලීම සඳහා යොදාගත් ක්‍රමයක් වන ‘ඇල්ෆ‍්‍රඞ් කෝසිබ්ස්කි’ ගේ සාමාන්‍ය ශබ්දාර්ථ විද්‍යාවෙන් වෙනස් වේ.



මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Semantics
🔥 Top keywords: පොසොන් පසළොස්වක පෝයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවපොසොන් උත්සවයවිශේෂ:ගවේෂණයමහින්දාගමනයපද්මසිරි ත්‍රීමා විතාරණසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමහින්ද තෙරණුවෝදේවානම්පිය තිස්ස රජඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාරුවන්වැලිසෑයවිකිපීඩියා:Contact usමහා මංගල සුත්‍රයධර්ම සංගායනාචුල්ල හත්ථි පදෝපම සූත්‍රශ්‍රී ලංකාවදුටුගැමුණු රජලිංගික සංසර්ගයපසළොස්වක පොහොය දොළහසංස්කෘතියසීගිරියදෙවන ලෝක යුද්ධයමිහින්තලයආර්ය අෂ්ඨාංගික මාර්ගයයාපහුව බලකොටුවස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසාර ධර්මමහියංගනය රජ මහා විහාරයසිංහල භාෂාවශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමකිරි වෙහෙර, කතරගමඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයශ්‍රී දළදා මාළිගාවස්වයං වින්දනයනව අරහාදී බුදුගුණගල් විහාරය