විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න

(විකිපීඩියා:No original research වෙතින් යළි-යොමු කරන ලදි)
විකිපීඩියාවෙන් බැහැර ශාස්ත්‍රීය නිර්මාණයන්හී වැදගත් කොටසක් ලෙසින් සම්භූති චින්තනය සැලකෙයි. කෙසේවෙතත්, ඔවුන්ගේ ස්වීය සම්භූති චින්තන මත පදනම් වෙමින් තම දායකත්වය සැපයීමෙන් වැළකීමට විකිපීඩියා සංස්කාරකවරුන් සනිටුහන් කර ගත යුතුය. විකිපීඩියා සංස්කාරකවරුන් විසින් ඔවුන්ගේ දායකත්වයන් පදනම් කර ගත යුත්තේ විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍ර මතය.

විකිපීඩියා ලිපි තුල සම්භූති චින්තන අඩංගු නොවිය යුතුය. "සම්භූති චින්තන" (සචි) යන පදය විකිපීඩියාව තුල භාවිතාවන්නේ විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍ර නොපවතින —තතු, දෝෂාරෝපණ සහ අදහස් වැනි— කරුණු හැඳින්වීමටය. [1] එම මූලාශ්‍රයෙහි පැහැදිලි ලෙසින් ප්‍රකාශ කර නොමැති නිර්ණයයක් වෙත එළඹීමට හෝ එවැන්නක් ඇඟවීමට හෝ හැකි වන පරිද්දෙන් ප්‍රකාශිත කරුණු අරභයා කිසියම් නව විශ්ලේෂණය හෝ සංස්ලේෂණය හෝ සිදු කිරීමද නොකල යුතු දේ අතරට අයත් වෙයි. ඔබ විසින් සම්භූති චින්තනය ලිපියට එක් නොකරන බවට ආදර්ශනය කිරීම සඳහා ඔබ විසින් කල හැක්කේ, ලිපියෙහි මාතෘකාවට සෘජු ලෙසින් සබැඳි සහ ඉදිරිපත් කර ඇති කරුණු වලට සෘජු ලෙසින් අනුග්‍රහය දක්වන විශ්වාසනීය සහ ප්‍රකාශයට පත් කර ඇති මූලාශ්‍ර උපුටා දැක්වීමයි. (මෙම සම්භූති චින්තන ප්‍රතිපත්තිය සාකච්ඡා පිටු සඳහා නොයෙදෙයි.)

විකිපීඩියාවේ පලවන සියළුම කරුණු ඇත්ත වශයෙන්ම දැනට එසේ උපලක්ෂණය නොකර තිබුණද, විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍රයකට උපලක්ෂණය කල හැකි විය යුතු බව, සම්භූති චින්තනය පිළිබඳ පනවා ඇති තහනම වෙතින් අදහස් වෙයි.[1] විකිපීඩියා සත්‍යෝක්ෂ්‍යතා ප්‍රතිපත්තිය පවසන්නේ, සියළු උද්ධරණයන් සඳහා මෙන්ම අභියෝගයට ලක්වී ඇති හෝ අභියෝගයට ලක්වීමට ඉඩ ඇති හෝ ඕනෑම කරුණක් සඳහා, විශ්වාසනීය මූලාශ්‍රයක් වෙතට පේළි ගත උපහරණයක් දැක්විය යුතු අතර, කිසි අයුරින් අභියෝගයට ලක් නොවන කරුණු සඳහා වුවද, මූලාශ්‍රයක් පැවතිය යුතු බවයි. නිදසුනක් වශයෙන්: කිසි කෙනෙක් මෙය අභියෝගයට ලක් කරතැයි සිතිය නොහැකි නිසා, "ප්‍රංශයෙහි අගනුවර පැරිස් වෙයි" යන ප්‍රකාශය සඳහා මූලාශ්‍ර අවශ්‍ය නොවන්නේ නමුදු, එය සඳහා මූලාශ්‍ර පවතින බවට අපි දනිමු. ඉහත ප්‍රකාශය උපලක්ෂණය කර නොතිබුනද, එය උපලක්ෂණය කල හැකි වෙයි.

අන්තර්ගතය වෙත විශ්වාසනීය මූලාශ්‍ර වෙතින් උපහරණ සැපයීමේ අවශ්‍යතාවය පැවතුනද, ඔබ විසින් කිසි දිනෙක එවැනි මූලාශ්‍ර වෙතින් අන්තර්ගතය සොරකම් කිරීම නොකල යුතු අතර ඒවායේ හිමිකම් උල්ලංඝනය නොකල යුතුයි. මූලාශ්‍රයෙහි දැක්වෙන කරුණු වල අර්ථය බොහෝ දුරට රඳවා ගනිමින් ඔබගේ වචන වලින් ලිපි ලිවිය යුතුය.

මධ්‍යස්ථ දෘෂ්ඨිය සහ සත්‍යෝක්ෂ්‍යතාව හා සමගින් "සම්භූති චින්තනයෙන් වළකින්න" (සචිඑ) යන්න විසින් සදන විකිපීඩියාවේ හරාත්මක අන්තර්ගත ප්‍රතිපත්තීන් තුන විසින්, ලිපි තුල අඩංගු විය හැකි යයි පිළිගැනෙන කරුණු වර්ග සහ ඒවායේ තත්ත්ව ප්‍රමිතීන් නිශ්චය කරයි. මෙම ප්‍රතිපත්තීන් තුන සුසංවාදයෙන් ක්‍රියාත්මක වන බැවින්, එකිනෙක වෙතින් විසංගමනයෙන් අනෙක්වා නොසැලකිය යුතු අතර, සංස්කාරකවරුන් විසින් මෙම ප්‍රතිපත්තීන් ත්‍රිත්වය පිළිබඳවම අවබෝධයක් සහිත විය යුතුයි. කිසියම් සංස්කරණයක් තුල සම්භූති චින්තනය අඩංගු වේ දැයි යන්න පිළිබඳව ප්‍රශ්න තිබේ නම් සම්භූති චින්තනයෙන් වැළකෙන්න දැන්වීම්පුවරුව වෙත යන්න.

මූලාශ්‍ර භාවිතය

සංස්කරණය
ප්‍රතිපත්තිය කෙටි මග:

මෙම ලිපියෙහි දැක්වෙන ප්‍රතිපත්ති මත සහ අනෙකුත් අන්තර්ගත ප්‍රතිපත්තීන් මත පිහිටෙමින් දැනට පවතින මූලාශ්‍ර වෙතින් කරුණු එක්රැස් කිරීම හා ඒවා සකස් කිරීම සඳහා පර්යේෂණ සිදු කිරීම, ඕනෑම විශ්වකෝෂයක කරුණු සටහන් කිරීම පිළිබඳ මූලික කර්තව්‍යයක් ලෙසින් සිදු කෙරෙයි.

  1. 1.0 1.1 "පවතින" යන පදයෙන් ප්‍රජාව අදහස් කරන්නේ, ලිපිය තුල දැනට කිසිම මූලාශ්‍රයක් නම් කර නොතිබුනද, විශ්වාසනීය මූලාශ්‍රය ප්‍රකාශයට පත් කිරීම දැනට කර ඇති අතර එම මූලාශ්‍රය තවමත්—එය වෙතට මාර්ගගත ලෙසින් ප්‍රාප්ත විය හෝ නොහැකි හෝ වූවද, ලොව කිසියම් තැනක, කිසියම් භාෂාවකින්— පවතින බවයි. ඇතුලත් කර ඇති කරුණු සමස්ත අංශු මාත්‍රයක්ම, ප්‍රකාශයට පත් කෙරුණු සහ විශ්වාසනීය මූලාශ්‍රයකින් වෙතින් අනුග්‍රහය ලබන බවට සාධාරණ අපේක්ෂණයක් තිබේ නම්, කිසිම ආකාරයක ආශ්‍රිත දැනට අඩංගු නොවන ලිපි පවා මෙම ප්‍රතිපත්තියට පූර්ණ වශයෙන් අනුකූල වෙයි..

තවදුරටත් කියවීම්

සංස්කරණය
🔥 Top keywords: පොසොන් පසළොස්වක පෝයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවපොසොන් උත්සවයවිශේෂ:ගවේෂණයමහින්දාගමනයපද්මසිරි ත්‍රීමා විතාරණසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමහින්ද තෙරණුවෝදේවානම්පිය තිස්ස රජඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාරුවන්වැලිසෑයවිකිපීඩියා:Contact usමහා මංගල සුත්‍රයධර්ම සංගායනාචුල්ල හත්ථි පදෝපම සූත්‍රශ්‍රී ලංකාවදුටුගැමුණු රජලිංගික සංසර්ගයපසළොස්වක පොහොය දොළහසංස්කෘතියසීගිරියදෙවන ලෝක යුද්ධයමිහින්තලයආර්ය අෂ්ඨාංගික මාර්ගයයාපහුව බලකොටුවස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසාර ධර්මමහියංගනය රජ මහා විහාරයසිංහල භාෂාවශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමකිරි වෙහෙර, කතරගමඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයශ්‍රී දළදා මාළිගාවස්වයං වින්දනයනව අරහාදී බුදුගුණගල් විහාරය