ලී අච්චු කලාව


ලී අච්චු මුද්‍රණය

ඇපොකැලිප්ස් හි අසරුවන් සතර දෙනා, ඇල්බෲෂ් ඩුරේ .

ලී අච්චු මුද්‍රණය යනු රූපය ලී අච්චුවක් මත කැටයම් කිරීමේන් සිදුකරන උන්නත මුද්‍රණ ශිල්පක‍්‍රමයකි. මෙහිදී මුද්‍රණය කරනු ලබන කොටස් අච්චුවේ මතුපිට ඉතිරිකොට මුද්‍රණය නොකරන කොටස් බොකු නියනක් වැනි උපකරණයක් යොදාගනිමින් ඉවත් කරනු ලබයි. සුදු වර්ණයෙන් දැක්වීමට අවශ්‍ය කොටස් පිහියක් හෝ කපන කටුවකින් ඉවත්කොට එම ස්ථාන අච්චුව මතුපිට හිස්ව තැබේ. ලීයේ වයිරම ඔස්සේ අච්චුව කපනු ලබයි. යුරෝපයේදී මේ සඳහා වැඩි වශයෙන් බීච්වුඞ් ලී යොදාගනු ලබන අතර ජපානයේදී විශේෂ චෙරි ලීයක් යොදාගනු ලබයි.

තීන්ත මතුපිට පමණක් ආලේප වන පරිදි සහ මුද්‍රණය නොකළ යුතු හාරන ලද ස්ථානයන්හි තීන්ත නොතැවරෙන පරිදි තීන්ත තැවරූ රෝලරයක් මගින් අච්චුව මතුපිට තීන්ත ආලේප කරනු ලබයි.කඩදාසිය රාමුවකට සිවිකිරීම මඟින් වර්ණ කිහිපයක් යෙදීම සිදුකරයි. මෙහිදී එක් එක් වර්ණය සඳහා වෙනම අච්චුවක් යොදාගනු ලබයි. මෙහි ලී අච්චුව කැපීමේ කලාව ‘සයිලෝග‍්‍රැෆි’ ලෙසින් හඳුන්වනු ලැබේ. ඉංගී‍්‍රසි භාෂාවේදී මෙම වචනය රූප මුද්‍රණයට පමණක් නොව අක්‍ෂර මුද්‍රණය සඳහාද යොදාගනු ලබයි.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ලී_අච්චු_කලාව&oldid=465182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: ඇම්බැක්කේ දේවාලයවිශේෂ:ගවේෂණයමුල් පිටුවඇම්බැක්කේ ලී කැටයම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usඑස්‌. මහින්ද හිමිශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයලිංගික සංසර්ගයසාර ධර්මසීගිරියශ්‍රී ලංකා පොලිස් සේවයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජඅධ්‍යාපනයකුමාරතුංග මුනිදාසදළදා වහන්සේමාර්ටින් වික්‍රමසිංහපොසොන් උත්සවයඅනගාරික ධර්මපාලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිපරිසර දූෂණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහල භාෂාවස්වයං වින්දනයජැක්සන් ඇන්තනීසිංහල අක්ෂර මාලාවනව අරහාදී බුදුගුණපටිච්චසමුප්පාදයකාර්මික විප්ලවයධර්ම සංගායනාමුඛ සංසර්ගය