මානව සැකිලි පද්ධතිය

(මානව සැකිල්ල වෙතින් යළි-යොමු කරන ලදි)

මානව සැකිල්ල, එකිනෙක බැඳී ඇති සහ තනි අස්ථිවලින් සමන්විත වේ. මේවා බන්ධනි, කණ්ඩා, පේශි සහ කාටිලේජ මගින් ශක්තිමත්ව සහ පරිපූර්ණය කර පවතී මෙය ආරක්ෂිත ආවරණයක් \ ලෙස ක්‍රියා කරමින් ඉන්ද්‍රියයන්ට සහාය වේ. පේශීවලට ආධාරකයක් ලෙස ද ක්‍රියා කරයි. තවද මොළය, පෙනහළු, හෘදය වැනි අවයව ආරක්ෂා කරයි.

වැඩිහිටි මිනිස් සිරුරක සැකිලි පද්ධතියේ ඉදිරිපස පෙනුම
වැඩිහිටි පුද්ගලයෙකුගේ සැකිලි පද්ධතියේ පසුපස පෙනුම

දේහයේ ඇති දිගම සහ බරම අස්ථිය වනුයේ කලව අස්ථිය වේ. කුඩාම අස්ථිය වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වේ. වැඩුණු මිනිසකුගේ මුළු දේහ බරින් 20% ක් පමණ සමන්විත වන්නේ අස්ථි පද්ධතියෙනි. ශ්‍රෝණියේ සහ හිස්කබලෙහි අන්තර්ගත වනුයේ සංයුක්ත අස්ථීන්ය. සෑම අස්ථියක්ම කෙළින්ම එකිනෙක හා බැඳී නොමැත මැද කණේ පිහිටා ඇති අස්ථිකා යනුවෙන් හඳුන්වන අස්ථි හය (දකුණු හා වම් කණ්වල තුන බැගින්) සෘජුවම එකිනෙක සමග එකට බැඳී ඇති අස්ථි වලට නිදසුනකි.

බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයොයිඩ් අස්ථිය(වෛයාහ අස්ථිය ) දිවේ පාදය සම්බන්ධවන ස්ථානය ලෙස සැලකේ.මෙය පේශී හා බන්ධනි පමණක් ආධාර කොට පවතින අතර ශරීරයේ ඇති අනෙක් අස්ථීන් සමග සම්බන්ධ නොවේ.

    • මානව අස්ථි පද්ධතිය ප්‍රධාන ලෙස කොටස් 2කි.එනම්,ආක්ශක හා ගාත්‍රා ලෙස වේ.ආක්ශක වලට හිස් කබල,කශේරුව,උරෝස්ථිය හා පර්ශු අයත් වේ.ගාත්‍රා වලට උර මේකලාව,ශ්‍රෝණි මේකලාව හා ගාත්‍රා යුගල් 2 අයත් වේ.
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්පොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපොසොන් උත්සවයමහින්දාගමනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජකුමාරතුංග මුනිදාසළමා අපයෝජනයසාහිත්‍යයසාර ධර්මසීගිරියරුවන්වැලිසෑයශ්‍රී ලංකාවමහින්ද තෙරණුවෝකුසල් මෙන්ඩිස්ශ්‍රී දළදා මාළිගාවඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහඅපරාධශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයශිෂ්‍යත්ව විභාගයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා පොලිස් සේවයඑස්‌. මහින්ද හිමිනායකත්‍වයඅනගාරික ධර්මපාලසංස්කෘතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරස්ත්‍රී ස්වයං වින්දනයපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජ