ද්වාරය:පුරාතන ඊජිප්තුව


පුරාතන ජිප්තුව ද්වාරය

පුරාතන ඊජිප්තුව පිළිබඳ ගොනු කළ අන්තර්ගතය

ටූටන්ඛාමූන්ගේ රත්රන් අවමංගල වෙස්මුහුණ, මෙය පුරාතන ඊජිප්තුව සඳහා බොහෝවිට සංකේතයක් ලෙස යොදාගැනේ.

පුරාතන ඊජිප්තුව යනුවෙන් හැඳින්වුණේ නැගෙනහිර උතුරු අප්‍රිකාවේ පිහිටා තිබූ පුරාතන ශිෂ්ටාචාරයකි. නයිල් ගංගාවේ පහළ ප්‍රදේශ ආශ්‍රිතව සංකේන්ද්‍රගතව පැවති මෙම ශිෂ්ටාචාරය වර්තමානයේ ඊජිප්තුව නම් රටට අයත් ය. ශිෂ්ටාචාරය ඒකාබද්ධ වූයේ ක්‍රි.පූ. 3150 අවට කාලයේ පළමු පාරාවෝවරයා විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව දේශපාලනික වශයෙන් එක්සත් කිරීමත් සමගයි. මෙය ඉදිරි සහස්‍රක දෙකක කාලය තුළ මැනවින් වර්ධනය විය. පුරාතන ඊජිප්තුව එහි උච්චස්ථානය කරා ළඟා වූයේ නව රාජධානි සමයේ වන අතර, ඉන් අනතුරුව ඊජිප්තුව පරිහානි සමයයක් කරා ළඟා විය. පසුකාලීනව ඊජිප්තුව විදේශ ආක්‍රමණිකයන් ශ්‍රේණියක් විසින් ආක්‍රමණය කරන ලදී. පාරාවෝ පාලනය නිල වශයෙන් අවසන් වූයේ ක්‍රි.ව. 31දී මුල්කාලීන රෝම අධිරාජ්‍යය විසින් ඊජිප්තුව යටත් කරගෙන එය පළාතක් බවට පත් කරගැනීමෙන් පසුවයි.

සැමදෙනාමට නැරඹීමට සර්වකාලීන උරුමයක් ඊජිප්තුව දායාද කොට ඇත. එහි කලා නිර්මාණ සහ ගෘහනිර්මාණ පුළුල් ලෙස අනුකරණයට ලක් විය. එහි පුරාවස්තු බොහෝමයක් ලොව ඈත පෙදෙස් කරා ගෙනයනු ලැබිණි. ඊජිප්තුවේ ස්මාරක නටබුන් සියවස් ගණනාවක් පුරා සංචාරකයන් සහ රචකයන්ගේ පරිකල්පනයන් පොළඹවාලී ය. මුල්කාලීන නූතන යුගයේ මෙහි පුරාවස්තු සහ කැනීම් සඳහා ඇතිවූ ප්‍රබෝධය ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ විද්‍යාත්මකව විමර්ශනයට සහ එහි සංස්කෘතික දායාදය මිහිමත පුළුල් ඇගයුමට ලක්වීමට හේතු විය.

තෝරාගත් ලිපිය

ඔබ දන්නවා ද?...

තෝරාගත් රුව

අනුග්‍රහය: හෑන්ස් හයිල්වර්ට්

රොසෙටා පාෂාණය යනු හයිරොග්ලිෆ්, ඩිමෝටික සහ ග්‍රීක අක්ෂර භාවිතයෙන් රචිත රාජාඥාවක් අන්තර්ගත ග්‍රැනයිට් ශිලා ස්තම්භ කොටසකි. 1799දී සොයාගැනුණු මෙය රූපාක්ෂර කියවා තේරුම් ගැනීමට බෙහෙවින් ඉවහල් විය.

ප්‍රධාන මාතෘකා

පුරාතන ඊජිප්තුව

වැදගත් පාරාවෝවරු

පුරාතන ඊජිප්තු ආගම

අඩවි

කළ හැකි දෑ

අදාළ ද්වාර

විකිමීඩියා

විකිපුවත් තුළ පුරාතන ඊජිප්තුව ප්‍රවර්ගය  පුරාතන ඊජිප්තුව උද්ධෘත  විකිප්‍රභව තුළ පුරාතන ඊජිප්තුව ද්වාරය  විකිපොත් තුළ පුරාතන ඊජිප්තුව  විකිකොමන්ස් තුළ පුරාතන ඊජිප්තුව ප්‍රවර්ගය  වික්ෂනරිය තුළ පුරාතන ඊජිප්තුව ප්‍රවර්ගය  විකිසරසවිය ඉතිහාස ශාස්ත්‍රාලය
පුවත්උද්ධෘතප්‍රකාශනමාර්ගෝපදේශපින්තූරඅරුත්ඉගෙනුම්
 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදුටුගැමුණු රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමුහුදධර්ම සංගායනාඅනගාරික ධර්මපාලඩඩ්ලි සේනානායකචතුරාර්ය සත්‍යයමහා මංගල සුත්‍රයනව අරහාදී බුදුගුණසඳකඩපහණලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී පාදස්ථානයවිකිපීඩියා:Contact usවෙසක් උත්සවයසිංහල අලුත් අවුරුද්දරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපාරමිතාආර්ය අෂ්ඨාංගික මාර්ගයබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවමත්ද්‍රව්‍යඅධ්‍යාපනයගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මසිරිමාවෝ බණ්ඩාරනායකකෘත්‍රීම බුද්ධියසිංහබාහුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිංහල භාෂාවමල්සෞරග්‍රහ මණ්ඩලයසිංහල හෝඩි