අන්ත-දක්ෂිණාංශික දේශපාලනය

අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු සං‍රක්ෂණවාදය, උග්‍ර ජාතිකවාදය සහ අධිකාරවාදය වැනි මතවාද වලින් සමන්විත දේශපාලනික ප්‍රේක්ෂාවලියකි. වම්-දකුණු දේශපාලනික ප්‍රේක්ෂාවලියෙහි දකුණු පස කෙළවර මගින් මෙය නිරූපනය කෙරෙයි. ඓතිහාසිකව මෙම යෙදුම භාවිතා වී ඇත්තේ ෆැසිස්ට්වාදය, නාසිවාදය සහ ෆැලන්ජිවාදය විස්තර කිරීමටය. එහෙත් නූතනයේදී නව-ෆැසිස්ට්වාදය, නව-නාසිවාදය, තෙවන ආස්ථානය, විකල්ප-දකුණ, වාර්ගික ස්වෝත්තමවාදය වැනි මතවාද ද, ඊට අමතරව වෙනත් අධිකාරවාදී, උග්‍ර ජාතිකවාදී, විදේශ භීතික, දේවතන්ත‍්‍රවාදී, වර්ගවාදී, සමලිංගිකභීති, සංක්‍රාන්තිලිංගිකභීතී සහ ප‍්‍රතිගාමී මතිමතාන්තර විස්තර කිරීමට ද "අන්ත-දක්ෂිණාංශික" යන යෙදුම භාවිත කෙරේ. අන්ත-දක්ෂිණාංශික දේශපාලනයෙහි ප්‍රතිඵල ලෙස විවිධ පුද්ගල කණ්ඩායම් දේශපාලනික ප්‍රචණ්ඩත්වයට, බලහත්කාරී ස්වීකරණයට, ජනවාර්ගික පවිත්‍රනයට සහ වාර්ගික සංහාර වැනි පීඩාවන්ට ලක් වී තිබේ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්පොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපොසොන් උත්සවයමහින්දාගමනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජකුමාරතුංග මුනිදාසළමා අපයෝජනයසාහිත්‍යයසාර ධර්මසීගිරියරුවන්වැලිසෑයශ්‍රී ලංකාවමහින්ද තෙරණුවෝකුසල් මෙන්ඩිස්ශ්‍රී දළදා මාළිගාවඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහඅපරාධශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයශිෂ්‍යත්ව විභාගයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා පොලිස් සේවයඑස්‌. මහින්ද හිමිනායකත්‍වයඅනගාරික ධර්මපාලසංස්කෘතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරස්ත්‍රී ස්වයං වින්දනයපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජ