අන්ත-වාමාංශික දේශපාලනය

අන්ත-වාමාංශික දේශපාලනය යනු වම්-දකුණු දේශපාලන ප්‍රේක්ෂාවලියෙහි සම්මත දේශපාලනික වමට වඩා වමට බරවූ දේශපාලනික මතවාදයි. මෙම යෙදුමට එක් සංගත නිර්වචනයක් නොමැති අතර, ඇතැම් විද්වතුන් එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වාමාංශික මත සඳහා ද, වෙනත් විද්වතුන් එය කොමියුනිස්ට්වාදයට වඩා වාමාංශික මත හැඳින්වීමට ද භාවිතා කරයි. විශේෂයෙන්ම ප්‍රවෘත්ති මාධ්‍ය තුල, "අන්ත වම" යන යෙදුම අධිකාරවාදය, අරාජකවාදය, කොමියුනිස්ට්වාදය සහ මාක්ස්වාදය වැනි මතවාද සමග බැඳී පවතී. අන්ත-වාමාංශික ත්‍රස්තවාදය යනු අන්තවාදී, සටන්කාමී හෝ කැරලිකාරී කණ්ඩායම් විසින් ඔවුන්ගේ අන්ත-වාමාංශික දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද වෙනුවට දේශපාලනික ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමයි.

🔥 Top keywords: කාලස් පුයිජ්දෙමොන්ලෙප්ටොස්පයිරෝසිස්මුල් පිටුවවිශේෂ:ගවේෂණයදෝන කැතරිනා රැජිණපොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමහින්දාගමනයනිදහස් දිනය (බංග්ලාදේශය)දුටුගැමුණු රජඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාරුවන්වැලිසෑයශ්‍රී දළදා මාළිගාවපොසොන් උත්සවයමහින්ද තෙරණුවෝවිකිපීඩියා:Contact usශ්‍රී පාදස්ථානයසීගිරියසංස්කෘතියඅධ්‍යාපනයකුමාරතුංග මුනිදාසදේවානම්පිය තිස්ස රජදළදා වහන්සේපද්මසිරි ත්‍රීමා විතාරණඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවසාහිත්‍යයපළමුවන විජයබාහු රජමාර්ටින් වික්‍රමසිංහමහා මංගල සුත්‍රයධර්ම සංගායනාසාර ධර්මලිංගික සංසර්ගයනව අරහාදී බුදුගුණබංග්ලාදේශයමාතලේ පරිපාලන දිස්ත්‍රික්කයඔලිම්පික්ලක්දිව රාජාවලියස්ත්‍රී ස්වයං වින්දනය